Saturday, December 17, 2022

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...


මොකද සමහර ඇස් හැමදාමත් කළේ
කඳුළු වට්ටපු එක...
ඉතින් ඒ ඇස් ආසයි
කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බලන්න...

හුරුවෙන්න...
ආදරෙයි නම්
ඒ ඇස්වලට හිනාවක් දෙන්න...


අසරණයි හිත අදත් ......

 හිත අසල දැවටෙනා

මහ හැගුම් පොදියකි...
ඒ සමග උතුරනා
සෙනෙහසත් සිව්කොණේ...
සිව් දෙසින් ගිගුම් කයි
මහ හඩින් ආදරේ ...
අසරණයි හිත අදත්
වැලපෙමින් හාමතේ...
වියලෙන්න නෑ ඉඩක්
තෙතඋනයි නෙතු කොණේ...


ප්‍රේමණීය මොහොතක්

 ඇවැසි පෙම මා සතුය

නමුත් සිත ඇත නුඹ ළග
නිතර නුඹ සිහිවන
කරුණ වැටහී නැත මට...

හොරෙන් හිත තුළ රග දෙන
සෙනෙහසකි උතුරන
නමුදු එය සිරකල
වැටකඩොලු ඇත සැමතැන...

ඇහිපිල්ලම් යට සැගවුණු
කොපුල් දිග ඇද හැලෙන කදුලු බිදු
සැනින් පිස දැමිය හැකි
සිහිලැල් හිතක පෙමක් ඉතිරුණු...



තොල් පෙති

 දුහුල් සයන මත

විඩාබර වූ තොල් පෙති
මිමිනුවේ ප්‍රේමයට එහා
සොයා ගිය ගමනක්...
දුන් හාදුවක රසය
නා දළු උණුහුම් ඌ
සීතල කුණාටුවක
දෙකඩ කළ පහසක්..

ඉඳින්…
තොල් පෙති වල කතාව
රෝමාන්තික කඩුවක් !


ඝන වැහි වලා වෙත

 ගිනි පාට සලරුව ඇහිඳ ගෙන

අළු පාට වැහි සළුව
නොඉඳාම ගතු තෙරක කියාපන් 
තෙමුනාද ඔය දෑල

රන් පාට ලහිරු රුව නිදිවරම
තුහින ඉහි ඇහැළවර
නොතියාම ඉඩපතර පිබිදියන්
නිල් පාට මී'සර වියැන

පිණිදියන් දඟ කරන ඝන මේඝ
රුදු මොකට
මතක වැහි බිම් තීරු ඇත සමග 
ඈඳීයන් මං ගාව


ආ ගියපු තැන් තවම හදවතේ
තැන් හොයන
හේදියන් නොහිතාම හදවතේ
ඉඩ නොතිය !!!


කිරි දානයක්

 කිරි අම්මා කෙනෙක් කියන්නේ කාටද?

කිරි අම්මා කෙනෙක් කියන්නේ සත්‍යය වශයෙන්ම එම අවස්ථාව වන විට කිරි දරුවෙකුට තම දෙතනින් කිරි දෙන අම්ම කෙනෙක්. කිරි අම්මාවරුන්ගේ දානයට ශරීරයේ යම් යම් ආබාධිත තත්වයන් ඇති, (අංග විකල), අශුද්ධ, අවිවාහක, දුරාචාරී හා ස්වාමි පුරුෂයා මිය ගිය කාන්තාවන් කැඳවන්නේ නැහැ.


දානය දෙනු ලබන නිවැරදි වෙලාව?

සාමාන්‍යයෙන් කිරි අම්මා වරුන්ගේ දානයක් පැවැත් වෙන්නේ හිමිදිරි පාන්දරින්. ඒ කියන්නෙ උදේ පහට විතර. එනම් “කොස් නැටි පෙනෙන” වෙලාවටයි. එක් පත්තිනියකට විනාඩි හත බැගින් විනාඩි හතලිස් නමයක කාලයක් තුළ මෙය නිම කළ යුතු වේ.


දානය සදහා පිළියෙල කරන විශේෂ ආහාර

මේ සඳහා කෑම වර්ග හතක් පිළියෙල කරනවා. ඒ සෑම කෑම වර්ගයකින්ම හත බැගින් එක් කිරි මවකට පිළිගන්වනවා. ඒ කිරිබත් කෑලි හතයි, කිරි කෑලි හතයි, හැඳි කැවුම් (කොණ්ඩ නැති කැවුම්) හතයි, කෙසෙල් ගෙඩි හතයි, හකුරු කෑලි හතයි ආදී වශයෙන්. හැම කිරිමවක් ම ආහාර අනුභව කරන්නේ නොඉඳුල් කෙසෙල් කොළ.


කිරිඅම්මාවරුන්ගේ දානය දෙනු ලබන පිළිවෙල

කිරි දානයක් සදහා සුදානම් වීමේදී දානය දෙනු ලබන නිවස තුලට මස් මාංශ හා අනෙකුත්  පිළී ආහාර ද්‍රව්‍යන් රැගෙන ඒම දානය දෙනු ලබන දිනට පෙර අවම දින 3 ක කාලයක් සිට නවතා නිවස හා ගෙවත්ත පිරිසිදු කර දානය දීම සදහා නිවැසියන් සූදානම් වෙනවා.


නිවස මෙන්ම නිවැසියන්ද මේ කාලය තුල පිළීආහාර වලින් වැළකී පේවීම සිදු කරන්නේ වඩාත් හොදින් දේව ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණීන්.

නියමිත වේලාවට ප්‍රධාන කිරි අම්මා පෙරටු කරන් දානයට වාඩිවන කිරි අම්මාවරු පළමුව සත් පත්තිනි පහනේ තිරය බැගින් දල්වනවා. සත් පත්තිනි පහන සඳහා සුදානම් කරන පහන් තිර ශක්තිමත් ව තරමක් මහතට සකස් කරනවා.


දෙවනුව හඬ නගා පන්සිල් ගැනීම කරනවා.

තෙවනුව විනාඩි පහළොවක් පමණ පත්තිනි හෑල්ලේ කවි ගායනා කරනවා.

සිව්‍වනුව දානය වළඳනවා. ඒ සඳහා වැය කරනුයේ විනාඩි පහළොවක තරම් වු කාලයක්. දානය වැළඳීමට පෙර තම ආහාර බඳුනෙන් ස්වල්පයක් ඉෂ්ට දේවතාවුන් සිහිකර ඔවුන් වෙනුවෙන් එය ඉවත් කර පත් කොළයේ පසෙකින් තියනවා.


පස්වනුව දෙවියන්ට පිං අනුමෝදන් කරනවා.

ඉන්පසු නැගී සිටිනා කිරි අම්මාවරු හයවනුව සත් පත්තිනි පහනේ ඇති පහන් තිරය බැගින් අතට ගෙන රෝගියා හෝ බිළිඳු දරුවා අසලට ඇවිත්”සියලු රෝග නිවාරණයි” කියමින්, සත් වරක් බිළිඳාගේ/රෝගියාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ගෙනයමින් ආශිර්වාද කරනවා.

සත්වනුව ඒ අසල තබා ඇති පොල් කිරි භාජනයට එම තිරය දමා තිරය නිවා දමනවා.


ඉන් පසු තමාට පිළිගැන්වු ආහාරවල ඉතිරි කොටසද රැගෙන පසුපස නොබලා කඩුල්ල පැන පිටත්ව යනවා. සමහර ප්‍රදේශ වල නිවස කඩුල්ල පැන යාමට පෙර ප්‍රධාන කිරි අම්මා විසින් දානය දුන් පවුලේ සාමාජිකයන්ගේ සියළු දොස් දුරුවේවායි කියා පොල් ගෙඩියක් මන්නයෙන් බිද, ජලය පුරවා තිබූ කළයේ වතුරින් කිරි මව්වරුන් දෙපා සෝදා ගෙන නිවැසියන්ට සෙත් පතා පසු පස නොබලා යෑමත් කරනවා.


ඉස්සර කිරිඅම්මාවරු විනාඩි හතලිස් නමයක කාලය මැනගැනීම සඳහා  ඔරලෝසු බැලුවේ නැහැ.. “කොස් කොලවල නැටි පෙනෙන වෙලාවට” නිවසට පැමිණ, “කහ කැටේට ඉර පෑයිමට පෙර” පිටත්ව යන විට සාමාන්‍යයෙන් ගතවන කාලය මේ කටයුත්තට අයිති කාලය හැටියට ඔවුන් සැලකුවා.

මෙම දානයෙහි විශේෂත්වය තමයි,  කිරි අම්මාවරුනට පිරි නමන සෑම ආහාරයක්ම කිරි එරෙන දේවල් වීම. දානයට පැමිණීමට පෙර තම ළදරුවාට කිරි පොවා පැමිණෙන මව දානය නිමවා නැවත නිවසට යනවිට, ළදරුවාද නැවත කිරි බීමට සුදානම්වයි ඉන්නේ. එවිට ඇය තම නිවසට ආපසු පැමිණි වහාම කරනුයේ තමන්ගේ ළදරුවාට නැවත නැවතත් කිරි දීමයි. එවිට ඒ දෙන කිරි, කිරි දානයේදී වැළදු කිරි ආහාර පදනම් කොට ගෙන එරුණ ඒවා. “නොඉඳුල් ළදරුවන්ට” එම කිරි පොවන විට ඔවුන් වෙනුවෙන් පිරි නැමු දානයේ පරමාර්ථය නිරායාසයෙන් ම මුදුන්පත් වෙනවා


මෙම කිරි අම්මාවරුන් ගේ දානයේ තවත් වැදගත් කරුණක් වනුයේ “සත් පත්තිනි පහන” දැල්වෙනුයේ දානය සඳහා වැයවන කාලය තුළදී පමණක් වීම. කිරි අම්මාවරු පැමිණෙන විට පහන පත්තු නොවේ. ඒක් එක් එක් තිරය බැගින් පත්තු කරනුයේ ඔවුන් විසිනුයි. දානය අවසන් වු විට එක් එක් තිරය බැගින් නිවා දමනුයේද ඔවුන්මයි. පළමු කිරි මව පැමිණි මොහොතේ දැල්වීම ඇරඹෙන පහන, අවසන් කිරි මව නැගිට යන මොහොතේ සම්පුර්ණයෙන්යෙන්ම නිවා දැමෙනවා.


හැබැයි, මෙහිදී ඔබ තවත් දෙයක් මතක තියාගන්න ඕනේ. අපේ රටේ විවිධ ප්‍රදේශවල ජනතාව කිරිඅම්මාවරුන්ගේ දානය පවත්වන විදිය එක හා සමාන නැහැ. සමහර ප්‍රාදේශීය වෙනස්කම් නිසා ඔබ දැන සිටි කිරි අම්මාවරුන්ගේ දානය මීට වඩා පරස්පර වෙන්නත් ඉඩ ඇති.




ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...