ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...
මොකද සමහර ඇස් හැමදාමත් කළේ
කඳුළු වට්ටපු එක...
ඉතින් ඒ ඇස් ආසයි
කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බලන්න...
හුරුවෙන්න...
ආදරෙයි නම්
ඒ ඇස්වලට හිනාවක් දෙන්න...
ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...
හිත අසල දැවටෙනා
මහ හැගුම් පොදියකි...ඇවැසි පෙම මා සතුය
නමුත් සිත ඇත නුඹ ළගදුහුල් සයන මත
විඩාබර වූ තොල් පෙතිගිනි පාට සලරුව ඇහිඳ ගෙන
අළු පාට වැහි සළුවකිරි අම්මා කෙනෙක් කියන්නේ කාටද?
කිරි අම්මා කෙනෙක් කියන්නේ සත්‍යය වශයෙන්ම එම අවස්ථාව වන විට කිරි දරුවෙකුට තම දෙතනින් කිරි දෙන අම්ම කෙනෙක්. කිරි අම්මාවරුන්ගේ දානයට ශරීරයේ යම් යම් ආබාධිත තත්වයන් ඇති, (අංග විකල), අශුද්ධ, අවිවාහක, දුරාචාරී හා ස්වාමි පුරුෂයා මිය ගිය කාන්තාවන් කැඳවන්නේ නැහැ.
දානය දෙනු ලබන නිවැරදි වෙලාව?
සාමාන්‍යයෙන් කිරි අම්මා වරුන්ගේ දානයක් පැවැත් වෙන්නේ හිමිදිරි පාන්දරින්. ඒ කියන්නෙ උදේ පහට විතර. එනම් “කොස් නැටි පෙනෙන” වෙලාවටයි. එක් පත්තිනියකට විනාඩි හත බැගින් විනාඩි හතලිස් නමයක කාලයක් තුළ මෙය නිම කළ යුතු වේ.
දානය සදහා පිළියෙල කරන විශේෂ ආහාර
මේ සඳහා කෑම වර්ග හතක් පිළියෙල කරනවා. ඒ සෑම කෑම වර්ගයකින්ම හත බැගින් එක් කිරි මවකට පිළිගන්වනවා. ඒ කිරිබත් කෑලි හතයි, කිරි කෑලි හතයි, හැඳි කැවුම් (කොණ්ඩ නැති කැවුම්) හතයි, කෙසෙල් ගෙඩි හතයි, හකුරු කෑලි හතයි ආදී වශයෙන්. හැම කිරිමවක් ම ආහාර අනුභව කරන්නේ නොඉඳුල් කෙසෙල් කොළ.
කිරිඅම්මාවරුන්ගේ දානය දෙනු ලබන පිළිවෙල
කිරි දානයක් සදහා සුදානම් වීමේදී දානය දෙනු ලබන නිවස තුලට මස් මාංශ හා අනෙකුත් පිළී ආහාර ද්‍රව්‍යන් රැගෙන ඒම දානය දෙනු ලබන දිනට පෙර අවම දින 3 ක කාලයක් සිට නවතා නිවස හා ගෙවත්ත පිරිසිදු කර දානය දීම සදහා නිවැසියන් සූදානම් වෙනවා.
නිවස මෙන්ම නිවැසියන්ද මේ කාලය තුල පිළීආහාර වලින් වැළකී පේවීම සිදු කරන්නේ වඩාත් හොදින් දේව ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණීන්.
නියමිත වේලාවට ප්‍රධාන කිරි අම්මා පෙරටු කරන් දානයට වාඩිවන කිරි අම්මාවරු පළමුව සත් පත්තිනි පහනේ තිරය බැගින් දල්වනවා. සත් පත්තිනි පහන සඳහා සුදානම් කරන පහන් තිර ශක්තිමත් ව තරමක් මහතට සකස් කරනවා.
දෙවනුව හඬ නගා පන්සිල් ගැනීම කරනවා.
තෙවනුව විනාඩි පහළොවක් පමණ පත්තිනි හෑල්ලේ කවි ගායනා කරනවා.
සිව්‍වනුව දානය වළඳනවා. ඒ සඳහා වැය කරනුයේ විනාඩි පහළොවක තරම් වු කාලයක්. දානය වැළඳීමට පෙර තම ආහාර බඳුනෙන් ස්වල්පයක් ඉෂ්ට දේවතාවුන් සිහිකර ඔවුන් වෙනුවෙන් එය ඉවත් කර පත් කොළයේ පසෙකින් තියනවා.
පස්වනුව දෙවියන්ට පිං අනුමෝදන් කරනවා.
ඉන්පසු නැගී සිටිනා කිරි අම්මාවරු හයවනුව සත් පත්තිනි පහනේ ඇති පහන් තිරය බැගින් අතට ගෙන රෝගියා හෝ බිළිඳු දරුවා අසලට ඇවිත්”සියලු රෝග නිවාරණයි” කියමින්, සත් වරක් බිළිඳාගේ/රෝගියාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ගෙනයමින් ආශිර්වාද කරනවා.
සත්වනුව ඒ අසල තබා ඇති පොල් කිරි භාජනයට එම තිරය දමා තිරය නිවා දමනවා.
ඉන් පසු තමාට පිළිගැන්වු ආහාරවල ඉතිරි කොටසද රැගෙන පසුපස නොබලා කඩුල්ල පැන පිටත්ව යනවා. සමහර ප්‍රදේශ වල නිවස කඩුල්ල පැන යාමට පෙර ප්‍රධාන කිරි අම්මා විසින් දානය දුන් පවුලේ සාමාජිකයන්ගේ සියළු දොස් දුරුවේවායි කියා පොල් ගෙඩියක් මන්නයෙන් බිද, ජලය පුරවා තිබූ කළයේ වතුරින් කිරි මව්වරුන් දෙපා සෝදා ගෙන නිවැසියන්ට සෙත් පතා පසු පස නොබලා යෑමත් කරනවා.
ඉස්සර කිරිඅම්මාවරු විනාඩි හතලිස් නමයක කාලය මැනගැනීම සඳහා ඔරලෝසු බැලුවේ නැහැ.. “කොස් කොලවල නැටි පෙනෙන වෙලාවට” නිවසට පැමිණ, “කහ කැටේට ඉර පෑයිමට පෙර” පිටත්ව යන විට සාමාන්‍යයෙන් ගතවන කාලය මේ කටයුත්තට අයිති කාලය හැටියට ඔවුන් සැලකුවා.
මෙම දානයෙහි විශේෂත්වය තමයි, කිරි අම්මාවරුනට පිරි නමන සෑම ආහාරයක්ම කිරි එරෙන දේවල් වීම. දානයට පැමිණීමට පෙර තම ළදරුවාට කිරි පොවා පැමිණෙන මව දානය නිමවා නැවත නිවසට යනවිට, ළදරුවාද නැවත කිරි බීමට සුදානම්වයි ඉන්නේ. එවිට ඇය තම නිවසට ආපසු පැමිණි වහාම කරනුයේ තමන්ගේ ළදරුවාට නැවත නැවතත් කිරි දීමයි. එවිට ඒ දෙන කිරි, කිරි දානයේදී වැළදු කිරි ආහාර පදනම් කොට ගෙන එරුණ ඒවා. “නොඉඳුල් ළදරුවන්ට” එම කිරි පොවන විට ඔවුන් වෙනුවෙන් පිරි නැමු දානයේ පරමාර්ථය නිරායාසයෙන් ම මුදුන්පත් වෙනවා
මෙම කිරි අම්මාවරුන් ගේ දානයේ තවත් වැදගත් කරුණක් වනුයේ “සත් පත්තිනි පහන” දැල්වෙනුයේ දානය සඳහා වැයවන කාලය තුළදී පමණක් වීම. කිරි අම්මාවරු පැමිණෙන විට පහන පත්තු නොවේ. ඒක් එක් එක් තිරය බැගින් පත්තු කරනුයේ ඔවුන් විසිනුයි. දානය අවසන් වු විට එක් එක් තිරය බැගින් නිවා දමනුයේද ඔවුන්මයි. පළමු කිරි මව පැමිණි මොහොතේ දැල්වීම ඇරඹෙන පහන, අවසන් කිරි මව නැගිට යන මොහොතේ සම්පුර්ණයෙන්යෙන්ම නිවා දැමෙනවා.
හැබැයි, මෙහිදී ඔබ තවත් දෙයක් මතක තියාගන්න ඕනේ. අපේ රටේ විවිධ ප්‍රදේශවල ජනතාව කිරිඅම්මාවරුන්ගේ දානය පවත්වන විදිය එක හා සමාන නැහැ. සමහර ප්‍රාදේශීය වෙනස්කම් නිසා ඔබ දැන සිටි කිරි අම්මාවරුන්ගේ දානය මීට වඩා පරස්පර වෙන්නත් ඉඩ ඇති.
මැදියම් රැයේ අවදිකල හැඟීම් රාශියක මත්බව
නෙතගින් වැටෙන කදුළු කැට
දාස් ගානක් බරයි මේ පපුවටහීනයක් දෙස බලා
ඒ හීනේ වෙනුවෙන්වේග සීමා නොදත් හිතුවක්කාර ධාවකයෙකුට
වෙලඹකගෙ නාස් ලණුවක් හිමිවුනා_________________පැණි දාපු පොරි එකකුත් අරගෙන මමත් ගියා හුගක් දවසකින් ෆිල්ම් එකක් බලන්න. පටන් ගන්න හුඟක් වෙලා තිබ්බ හින්දා selfie දෙක තුනකුත් ගහ ගත්තේ වෙන කවුරුත් හිටියේ නැති නිසා. ඒ ෆිල්ම් එක තමයි ආදරණීය ප්‍රාර්ථනා.
ආදරණීය පාර්ථනා යනු ශ්‍රී ලාංකේය ආදර සංගීතමය චිත්‍රපටයක් වන අතර වසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. ශ්‍රී ලාංකේය සිනමාවේ අවාසනාවට ද මන්දා චිත්‍රපටය නැරඹීමට හිටියේ අපි තුන්දෙනා පමණයි. නමුත් මෙම සිනමා නිර්මාණය මේ වන විට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සිටී. ගීතා අටකින් යුත් මෙම නිර්මාණය සංගීතමය සිනමා නිර්මාණයක් ලෙස හදුන්වන්නේ ධාවන කාලයෙන් විනාඩි හතලිහක් ම ගීත සඳහා වෙන්වී ඇති නිසාවෙනි. එක් ගීතයක් භාතිය සන්තුෂ්ගේ නිර්මාණයක් වන අතර අනිත් ගීත යසස් මැදගෙදරගේ නිර්මාණය වෙයි. රාහුල් වරවිටගේ, ශනුද්‍රි ප්‍රියසාද්, නෙත්මි රොශෙල් යන අය ප්‍රධාන චරිත නිරූපණය කිරීම මෙයට හේතුවන්නට ද ඇත. මෙහිදී රහල්ගේ හා ශනුද්‍රි ගේ රංගන කුසලතාවය ඉහළ බවක් නිරූපණය කරන නමුත් රොශෙල් යම්කිසි රාමුවකට කොට එහි කොටු වී රංගනය කිරීමට උත්සාහ කරයි.
මෙම සිනමා නිර්මාණය තුළ අවධානය යොමු කළ යුතු ම කරුණක් වන්නේ කැමරාරූප රාමු පිළිබඳව යි. සෑම අවස්ථාවක් පාහේ ම අති සමීප රූප රාමු භාවිත කලේ මන්ද යන්න ප්‍රහේලිකාවකි. එය ප්‍රේක්ෂක ඇසට ද ද වේදනාවකි. විශේෂයෙන්🧿 Ammu (2022)
☘️ ශාපයක් වූ කසාදයKumari 💔💕
Horror / Thriller / Drama-
ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...