Saturday, October 15, 2022

සිත්තම් කළ රැව

 මනමාළකරණ නුඹ කවුද

කෝලම්පාන දෙබැම

සිහින් දිග ඇස් 

හුරතල්ව වැඩුණු නහය

මුමුණන්න නලියන දෙතොල්

ගොරහැඩි කටහඩ

යාන්තමින් වැඩුණු රැවුල

කඩවසම් පවුරැශය

උමතු කළා ජීවිතයක්

හිතුවක්කාර පණ්ඩිත

ඇට්ටර රලු හදවතේ 

නොනැවතුනේ ඇයි කවුරැත්ම තාමත් 

හිතින් සිත්තම් කළ රෑපයට පන ආවේ කොයින් ද

තිගැසස්සුනා ජීවිතයම.................

කදුළ

 මේ තරම් හඩන්නට

වැහි කදුලු කොයින් ද

ඔය තරම් අහසට

දරාගෙන අවසනට

වැටෙනවද ඔහොම

නුබත් හිතුමතේට

නුඹ නිසා උනණ කදුලුත්

දරන් ඉන්නට බැරි නිසා

ඇහි පිහිලි යටට

මුහු කරනවද නුඹත්

නුඹේ සෙනහස

රහසේම වැහි කදුලක

නිකමටවත් හිතුවේ නෑ නේද

පුලුවන් ද ඔය තරමට දරා ගන්නට

නුඹේ කදුලේ රහස

හැමදාම මෙහෙම 

මේ මහ‍ෙපාළවට

ගීයක් අරුත්

   ගීයක අරැත්  

           ගීයක අරුත් තුළින් ගෙනඑන්නේ ප්‍රවීණ කවියෙක්, සම්මානලාභී ලේඛකයෙක්, ගීත රචකයෙක් වන මහින්ද ප්‍රසාද් මස්ඉමුලයන් අතින් ලියවුණු ඇහිපියන් ඇහැරිලා යන කෘතියේ එන සීගිරි ළදකගේ අම්මෙක් යන පද්‍ය පන්තියයි. 


මගේ පැදරින් මිදී කෙල්ලට - වාසල යන්නට වුණා

අනේ ඒකිගේ කැකුලු ඇග කද - හැමවෙලාවෙම සිහි වුණා

මාළිගාවෙන් අපේ ගෙපැළට - තෑගි බෝගත හිමි වුණා 

සිහිළ් ජල කෙළි - දුහුල් සලු පිළි - දුවට හිමි බව සැළවුනා 

මහා සිගිර ගලේ මුදුනක - නුඹේ රැව සිත්තම් වුණා

එය බලන්නට හොරෙන් හවසක - මාත් එතනට ගොඩ වුණා 

කරඩුවක් මෙන් නුඹේ උඩුකය - අනෙක් උන් මැද දිළිසුණා 

මගේ හුුස්මක් ගැටී වෙන්නැති - දුවේ කලු ගල හෙල්ලුනා 

පපුව ටික ටික මෙළෙක් වෙන කොට එන්න වෙයි මන් දන්නවා 

නුබේ දුහුවිලි සුවද තැවැරැණු පැදුර තාමත් තියෙනවා 

දැනුත් සීගිරි සිංහයා - කට ඇරන් ඉන්නවා පේනවා

ඒ ඉසව්වෙන් යද්දි මං - පොඩි කෙල්ල හංගා ගන්නවා 

           අතීතයේ පැවතුණ වර්ථමානයේ පවතින අනාගතයේ නොපවතිනේනේ යැයි නොසිතෙන විශේෂයෙන්ම මුදල්, දේපළ, බලය වැනි දේවල් සමානව නොබෙදුණු අප වැනි ආසියාතික රටවල සාමාන්‍යෙයන නිරන්තරයෙන් දකින්නට ලැබෙන සමාජ අසාධාරණයක් මේ කවිය තුළින් ප්‍රකාශ වේ. එමෙන්ම අශීලාචාර ලිංගික දඩයම මෙම පද්‍ය පන්තිය තුළින් මනාව ගම්‍ය කිරිමට සමත් වී ඇත. 

     මේ බිතුසිතුවම් වල පෙනි සිටින ලළනාවන් ඇත්තෙන්ම සතුටින් සිටින්නට ඇත් ද මේ සියලුම දෙනා දිව්‍යාංගනායන් ද 

       සමහරවිට මේ සිතුවම් වල සිටින කාන්තාවන් රජතුමා ඇතුලු බලවතුන් භාවිතා කළ යුවතියන් වන්නට ද පුලුවන්. එමෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට මොන වගේ හැගීමක් දැැනෙනවා ඇත් ද. ඔවුන්ගේ මෙම හැගීම කවියා මේ ආකාරයට ඉදිරිපත් කරනු ලබයි.

අපේ පැදුරින් මිදී කෙල්ලට වාසලට යන්නට වුණා - අනේ ඒකිගේ කැකුලු ඇග කද හැමවෙලාවෙම                                                                                                                                      සිහි වුණා

      එමෙන්ම මගේ හුස්මක් ගැටී වෙන්නැති දුවේ කලු ගල හෙල්ලුනා මෙම පැදි පෙල තුළින් කවියා පාඨකයාව බෙහොම සංවේදී මාවතක් දිගේ ගෙන යාමට සමත් වී තිබෙනවා. දරැ දුක වෙනුවෙන්  කලු ගලක් වුවද සෙළවිය හැකි බව කවියා මේ මගින් ගම්‍ය කරයි. 

     ඒ අනුව මෙම පැදි පෙල තුළින් සීගිරියේ බිතුසිතුවම්ම පමණක් නොව දේශපාලන කාරණාවක් මේ තුළට මේ එබ්බවා ඇති බව පහත උදාහරණය මගින් පැහැදිලි වේ. 

දැනුත් සීගිරි සිංහයා කට ඇරන් ඉන්නවා පේනවා - ඒ ඉසව්වනේ යද්දි මං පොඩි කෙල්ල හංගා                                                                                                                                    ගන්නවා

බාල පරම්පරාවට සිදුවන ලිංගික අපයෝජනය මේ නිර්මාණයේ අවසානය තුළින් මතු කිරීමට මස්ඉඹුලයන් විසින් සමත් වී ඇත. වර්ථමාන සමජයේ බහුලව සිදු වන ලිංගික බලහත්කාරකකම අශීලාචාර ලංගික දඩයම ප්‍රකාශ කිරීමට ගත් උත්සහයක් ලෙස මෙම සීගිරි ළදකගේ් අම්මෙක් කවිය හදුන්වා දිය හැකිය.

 

සීගිරිය




බිතුසිතුවම් 



මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්



 

       

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...