මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ පලමු නවකතාව වන සෙංකොට්ටං නවනවකතාවේ ලියවී ඇති කුල භේදය පාදක කර ගනිමින් කාව්‍යය කරන විට ඔහු මේ පිලිබදව කතා කරයි. ඔහුගේ පලමු කාව්‍ය සංග්‍රහයේ එන අඩු කුලේ නම් කවිය ඊට නිදසුනකි. මෙම සම්මත කවියම ලියවී ඇත්තේ සංකේතාත්මක බස් වහරකිනි.
" වැටක අකලට ඔහේ පැලවී
අඩු කුලේ බෝ ගසක ඉපිදී"
කවියේ අඩු කුලේ ඉපදුණු ජනතාව සංකේතවත් කළේ අකලට පැල වූ බෝ ගසකිනි. එම සංකේතාත්මක බස් වහර කෙතරම් උචිතද. කවියා බෝ ගසම තෝරා ගැනීමෙන් මිනිසත් බවේ ඇති උතුම් බව කරයි. කාක බෝධියක හෝ උතුම් බෝධියක ඉපදුනු ද ඒ සියල්ල බෝ පත්‍රය. මේමගින් කවියා සමානාත්මතාව පිලිබද කතා කරයි. කුල බද පන්ති භේදය යනු ප්‍රබල සමාජීය හා දේශපාලනික ගැටලුවකි. ප්‍රසංග කවියා එම සංකීර්ණ ගැටලුව ඉතා සරලව සංකේතාත්මක බස් වහරකින් ඉදිරිපත් කරයි. කවිය පවතින කවිය පවතින ජීවන යථාර්ථයක් පහදා දෙයි.
"පෙරහරින් චිතකය කරා යන
තුනේ හා නෙක තරාතිරමේ
සියලු බෝ පත් අතර වෙනසක්
කෙසේවත් නැත"
මේ පොළොවේම ය. කිසිදු කුල භේදයක් නැත. කවියා එම සනතන දහම මනා සංයමයකින් යුතුව ඉදිරිපත් කරයි. චාම් සුදු ඇදුමක් ඇදි උවසියන්ගේ ඉදල් පහරින් කවියා සංකේතවත් කරනුයේ නොවෙනස් වන සමාජ ධර්මයි. උසස් බෝ ගසේ බෝ පත්ද අකලට පැල වූ බෝ ගසේ බෝ පත් ද පෙලගැසෙන්නේ තවත් ගසකට පොහොරක් වන්නට බව කවියා කියයි. එය කෙතරම් අපූරු සංකල්ප රූපයක් ද?
මෙම කවි පන්තියේ කවියාගේ පරිකල්පන ශක්තිය විදහා දැක්වීම. මෙම පද්‍ය පන්තියේ සාර්ථකත්වයට හේතු වූ ප්‍රධාන නිර්මාණාත්මක ලක්ෂණ වන්නේ කවියාගේ පරිකල්පන ශක්තිය සහ ප්‍රබල සංකේතාත්මක භාශා භාවිතයයි.

No comments:
Post a Comment