🧿 Ammu (2022)
☘️ ශාපයක් වූ කසාදය☘️ Mystery /Crime
☘️ Telugu
☘️ 6.7/10 IMDB
අමුදා එහෙමත් නැත්තන් අම්මු කියන්නෙ සාමාන්‍ය කෙල්ලෙක්.මෙයා විවාහ වෙන්නෙ අසල්වැසි කෙනෙක් එක්ක. එයාගෙ නම රවී. එයා පොලිස්නිලදාරියෙක්. කසාදෙ හරිම සතුටින් වගේම සතුටින් දවස් ගෙවිලා යද්දි එක දවසක් අම්මුට එයාගෙ දවල් කෑම එක ගෙනියන්න අමතක වෙනවා..එතන ඉඳන් තමයි කසාදෙ දෙදරන්න පටන් ගන්නෙ.ඉතින් මේ පිස්සු සැමියා අම්මුට හැමදාම බයිනවා වගේම ගහනවා.. අම්මු කියන්නේ ආදරණීය බිරිඳක්. අම්මු කොපමණ ආදරේ ද යත් තමන්ගේ සැමියාගේ පහරදීම් පවා ඉවසගෙන හිටියා. ඇගේ මව නම් ප්‍රකාශ කරන්නේ සැමියාගේ පහරදීම් සාධාරණ බවයි. ඔහු රැකියාවෙන් විඳින පීඩාව පිට කරගන්නේ තමාගේ බිරිඳට පහර දීමෙන් බවයි. මුලින් මේ සියලු පීඩා ඉවසගෙන හිටියත් පසුව එයින් කම්පනයට පත්වන අමිමු මේ පීඩාවලින් ගැලවීමට මගක් සොයයි. පොලිස් කරුවෙකු වන රවී නැමැති තම සැමියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වූ තැන අම්මු තම විමුක්තිය සොයාගන්නේ කෙසේද?
දවසක් අම්මු දැනගන්නවා එයා ප්‍රෙග්නට් වෙලා කියලා..ඒත් එයා ඒක රහසක් විදිහටම තියාගන්නවා..මෙයාට පොලිස් ස්ථානයේදි ඇපමත ඉන්න හිරකාරයෙක්ව හම්බෙනවා..ඉතින් අම්මු එයත් එක්ක එකතු වෙලා මේ පිස්සු සැමියට හොඳ පාඩමක් උගන්නන්නයි යන්නෙ..ඉතින් ඒ පිස්සු සැමියා රවීට මොකද උනේ? අන්තිමේදි අම්මුට සාදාරණයක් ලැබුනද?ගැහැනිය යනු තවදුරටත් පිරිමින්ගේ අතකොළුවක් නොවන බවත් ඔවුන්ගේ නිහඩතාවය යනු බියගුලුකම නොවන බවත් මෙම නිර්මාණයෙන් ප්‍රකාශිත වේ.

🌸
ReplyDelete