සමහර වෙලාවට ජීවිතේ අපට මුණගැහෙන මිනිස්සු මොනයම්ම හෝ විදියකට අපට සමීප වග පලමු මුණගැහීමෙන්ම පලමු කතා බහෙන්ම අපට වැටහෙනවා. ඔවුන් පෙම්වතුන් ලෙස හෝ මිතුරන් ලෙස හෝ පවුලේ කෙනෙකු ලෙස හෝ කිසිත් නැතිනම් කිසියම් හෝ ආකාරයකට දවසක අපේ ජීවිතේම පුද්ගලයන් වෙනවා. කෙසේ හෝ ඔවුන්ව අපේ ජීවිත වලට ගලපනවා, එකිනෙක තේරුම් ගැනීමට, සමහර තැන්වල පෙම්වතුන් ලෙස ලංවීමට, ජීවිතේ හැමදේකම හවුල් කරුවන් වෙන තරමට ඔවුන් අපට සුවිශේෂී අය වෙනවා.
අපේ ජීවිත කාලය පුරාවටම නොහිතන තැන් වල නොහිතෙන වෙලාවන්වල එවුන් අපට මුණගැහෙන අතර ඔවුන් අප ජීවත්වන බව අපට දැනෙන්න සලස්වනවා.
එය අහම්බයක්ද, ඉරණම ද, එය තවත් තනිකරම අන්ධ වාසනාවක් ද කියා මා නොදන්න නමුත්, අහම්බෙන් සිදුවන මුණගැසීම් ජීවිතයට විශේෂ පුද්ගලයන් ලංකරන වග විශ්වාස කිරීමට මා පොළඹවනවා.

♥️♥️
ReplyDelete❤️
ReplyDelete