නිදාගෙන උන් මලක් පිබිදුනෙ
අලුයමක
හිතුවක්කාර බඹර තුඩු ඇහැරවද්දී
හැගීමක
මල්පෙත්ත
පියවුන ඇස් මොහොතකට විවරවුනෙ,
අඩවනට,
හැඩිදැඩි සුසුම් වැල් වසාගත්විට,
සියොලගමපෙර දිනක කාන්සිය මොහොතකට,
අමතකව,
පෙති දිගහැර ඇරයිම් කලා පිවිසුමට,
මල් විලට,
ප්‍රේමයේ මධුවිතෙන් මත්වුන විට,
මලක ,
බඹර තුඩකින් මැන බැලුවේ හැගීමක,
උපරිමය, ...
නිදාගෙන උන්නු මල් ඇහැරුනෙම හිතුවක්කාර බඹර තුඩු ලග

♥️
ReplyDelete❤️
ReplyDelete