Wednesday, November 30, 2022

අවසානය කුමක් වුවත් ජීවිතය කියන්නේම දරාගැනීමක්..🥀💔

 


අවසානය කුමක් වුවත් ජීවිතය කියන්නේම දරාගැනීමක්..🥀💔


අපි කිසිම දෙයක අවසානයක් දන්නේ නෑ..හැමදේම හොදින් වෙයි කියලා හිතලා පටන් ගත්තත් සමහර විට එහි අවසානය සුන්දර නොවෙන්න පුළුවන්.. බැඳීමක් ඇති කරගන්න ලේසි වුනාට පවත්වගෙන යන එක හිතන තරම් ලේසි නෑ..සමහර අදහස් නොගැළපීම් වෙන්න පුළුවන්..සමහර විට අපි බලාපොරොත්තු වෙන විදියට එයා නොහිටින්න පුළුවන්.. මොන ප්‍රශ්න ආවත් සමහරු හරි ලස්සනට බැඳීම් ගලපගෙන ඉදිරියට යනවා..ඒක තමයි වෙන්න ඕන..

නමුත් අවාසනාවකට සමහර බැඳීම් වල අවසානය සුන්දර නොවෙන්න පුළුවන්..කිසිම බැඳීමක් බලෙන් පවත්වගෙන ඉදිරියට යන්න අමාරුයි.. සමහර විට අපි කොච්චර කැපකිරීම් කලත්,එයාට එහි අගයක් නැති වෙන්න පුළුවන්.. බැඳීම් දිගටම පවත්වගෙන යන්න අපිට කොතරම් උවමනාවක් තිබුනත්, එයාට උවමනාවක් නැත්නම් හොඳම දේ අමාරුවෙන් හරි එවැනි බැඳීම්වලින් නිදහස් වෙන්න එක..

ඇත්තටම බැඳිමක් අමතක කරන එක ලේසි දෙයක් නෙවෙයි..අපේ මුළු ජීවිතයම ඒ බැඳීම වෙන්න පුළුවන්..සමහරවිට ඒ බැඳීම නිසාම අපි ජීවත් වෙනවා වෙන්න පුළුවන්..ඒ බැඳීම නැතිව අපිට ජීවත් වෙන්න බැරි තරමටම අපි අසරණ වෙන්න පුළුවන්..

සමහර විට අපේ අවධානය වෙන දෙයකට යොමු කරන්න පුළුවන් වුනොත් අමාරුවෙන් හරි අපිට ටිකෙන් ටික ඒ බැඳීම් වලින් ඈත් වෙන්න පුළුවන්..අපේ ලගින්ම ගැහැණු හෝ පිරිමි හෝ වේවා හොඳ යාලුවෙක් හිටියොත් අපිට පුළුවන් ටිකෙන් ටික හිත හදා ගන්න.. කොච්චර වේදනාකාරී වුනත් ඒ අවස්ථාව අනුව ගන්න හොඳම තීරණය ඒක වෙන්න පුළුවන්..💔

කොච්චර හිත රිදුනත් හිත රිදුනේ නැති ගානට එයා ඉස්සරහා හිනා වෙලා ඉන්න තරම් හිත ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්න ඕන..🥀💔

අවසානය කුමක් වුවත් ජීවිතය කියන්නේම දරාගැනීමක්...🥀

1 comment:

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...