කෑ ගහලා කියන්න ඕන උනත් ලෝකෙට හිත නිදහස් වෙන්න හැමදේම...
ලෝකෙට කියන්නෙ මොකටද තමන්ගෙ ප්‍රශ්න..පිච්චි පිච්චි ජීවත් වෙනවට වඩා
හිනාවෙන්න හේතු එකතු කරද්දි
ලෝකයා කියන්නෙ පිස්සු කියලා,
හැසිරෙන්නෙ පොඩි උන් වගේ කියලා,
පරිණත වෙලා නෑ කියලා,
හදවතකට කිට්ටු වෙලා තේරුම් ගන්න පුලුවන් මිනිස්සු හරි අඩුයි..
කවුරු මොනවා කීවත් ප්‍රශ්න ඉවරයක් නැතුව, වේදනාවෙන් මිරිකිච්ච මිනිස්සු තමයි පිස්සො වගේ හැසිරෙන්නෙ..බොරු දේවල් වලටත් හිනාවෙන්නෙ,
උන්ට ඕන හිනාවෙන්න මිසක් සමාජෙට විහිලුවක් වෙන්න නෙවෙයි....

No comments:
Post a Comment