Saturday, November 26, 2022

සෙංකොට්ටන්

 2012 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වූ විශිෂ්ඨතම නවකතාව වන්නේ සෙංකොට්ටං නවකතාවයි. ගොඩගේ සාහිත්‍ය සම්මානය සම්මානයෙන් හා විද්‍යෝදය සම්මානයෙන් පිදුම් සෙංකොට්ටන් නම් වූ ඒ ආශ්‍රිත සුවදේ කතාන්තරය අද වන විට නූතන සිංහල නවකතාවන් තුළ  වඩාත් කතා බහට ලක්වන ඉතාමත් ජනප්‍රිය නවකතාවක් බවට පත් වී හමාරය. 

සෙංකොට්ටන් නම් වූ ඒ අපූරැ සුවදේ කතාන්දරය තුලින්  සමාජයේ එක් පුද්ගල කොට්ටාසයකගේ ජීවන වටපිටාව, කුටුම්බය, වෘත්තීය, සිතුම්පැතුම් අදහස් උදහස් චරිතාංග ඔස්සේ කැටි කර ගනිමින් සිටින පුද්ගලයාගේ උගත්කම පවා සාම්ප්‍රදායික  ගැමි ජන සමාජයේ එකතුවෙන් ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වී ඇත.

සෙංකොට්ටන් නවකතාවට පසුබිම් වී ඇත්තේ රත්නපුර දිස්තික්කයේ රිදීවිට නම් වූ ගාමයයි. ඒ අනුව මස්ඉඹුලයන් සිය විශය භූමිය තුළ නිශ්චිත බිම්කඩක නිශ්චිත කාලවකවානුවක නිශ්චිතව හදුනාගත් ජන සමූහයකගේ ඛේදවාචකයයි. සෙංකොට්ටන් යනු ගෙඩි වර්ගයකි. රද්ක කුලයේ ජනයා තුමු සෝදා වෙල්ලාවේ එම පිරිසිදු කොට මැද දෙනු ලැබේ. සෙංකෝට්න් යන වචනය පවා පොදු සමාජයේ බොහෝ දෙනෙක් හදුනා ගත්තේ මෙම නවකතාව හරහාය. 

"රෙදි වැඩ වලින් ඔහු වැඩිපුරම ඇලුම් කරන්නේ සෙංකොට්ටන් කිරි වලින් රෙදි ලකුණු තැබීමටයි. මෙම ආබාධය බබා හේනයා ඉතා සාර්ථකව සිදු කරයි. "

එනම් කතුවරයා සෙංකොට්ටන් යනු කුමක්දැයි යන්නයි. මෙම නවකතාවට පාදක වී ඇත්තේ සත්‍ය ලාංකේය සමාජයේ පැවති කුලදූරාවලියේ එක් කුලයක් වූ රදා කුලයයි. කතුවරයාගේ සුවිශේෂත්වය වන්නේ තම වස්තු විශය සම්බන්ධයෙන් මැනවින් කරැණු හදරා නිර්මාණාත්මකව ඉදිරිපත් කරන ලදී. 

මෙම කතාව උත්තම පුරැෂ දෘෂ්ටි කෝණයෙන් ගලා යනු ඇත. මෙම කතාව ඔස්සේ සියුම් ලෙසත් නිරූපනය වන චරිත දෙකකි. ප්‍රධාන කතා නායකයා වන්නේ වීරප්පුලි හේනයා ය. අනෙක් ප්ධා‍ර්න චරිතය වන්නේ වීරප්පුලි හේනයාගේ දෙටු දියණිය වන පොඩිනාය. මෙම චරිත දෙක සමස්ත සමාජයේ මනුෂ්‍යත්වය සංකීර්ණ ප්‍රශ්න කිරීමට  ලක් කෙරේ. වීරප්පුලි හේනයාගේ මුණුපුර නොහොත් පොඩිනාගේ එකම පුතු වන බබා හේනයට විෂමරූපී සමාජ ක්‍රමය  තුළ අධ්‍යාපන වරපසාද අහිමි වන තැන් පවා ඉතා සානුකම්පිතව ගෙනහැර දැක්වීමට කතුවරයා සමත් වී ඇත.

"මේක මොන මල විකාරයක් ද අපේ දරුවොයි රදවයි බඩ හැලයයි පද්දයි ඔක්කොම එකට ඉදගෙන අකුරු ලියන්න තියාගත්තම අපි කොහොමද ගමක වසන්නේ......"

කුලය මත සිදු කරන ලද පුද්ගල වැදගත්කම තීරණය කළ සමාජ කමක නොවන සමාජ සැමට එක ලෙස හිමිකමෙහි ලා සමාජ ආසාධාරණත්වය කතුවරයා මෙහිලා කියා පායි. 

සමහර කතුවරයා උපමාරූපී බස්වහර ඔස්සේ සමහර චරිතවල බාහිර පෙනුම කියා ඇඳුමට කතුවරයා සමත් වී තිබේ. එය කතාවේ හැඩ මනා අලංකාරයක් එක් කරයි. 

"ඉද් දකින් ඉතුරුක් .... අනේ ඒ සඳහා අවසර ගෙන බොල්ලෑ ත් වහල්ල දකිද්දී මට උරැ ජුවල් බොල ඒ මදිව කළුපාට විට කහට ඉදල හිටලවත් මැදපියකො පොල් ලෙල්ලක් තලාගෙන ඉද්දිකින් විතරක් හැටි කුඹුක් මුලු ඇන්දක් වාගේ........"

මේ ඔස්සේ කතුවරයා නම්බු හේනයාගේ මුහුණෙහි පවත්නා විරූපී ස්වාභාවය අපූරුවට ඉදිරිපත් කර ඇත. දැනටමත් කතුවරයා රෝගියා තුළ කතාරසය තවත් වැඩි කරනු ලබන වස් නව්‍ය උපමා අලංකාර භාවිතයන් සිදු කර ඇත. සාම්පදායික උපමා වට්ටෝරැ පසකලා නව්‍ය ආකාරයේ උපමාවන් භාවිතය තුළින් මස්ඉඹුල පතිභාන්විත අලෙවිය පසක් වේ. 

කතාව අවසාන  වන විට වික්ටර් සූරියතිස්ස චරිතය අපට මුණ ගැසෙනු ඇත. ඔහු අන් කවරකුත් නොව බබා හේනයාය. තම මිණිබිරිය සමග තමා උපන් ගම් පෙදසට පැමිණෙනවික්ටර් සූරතිස්ස මුහුණපාන සිතුවිලිමය අර්බුදය කතුවරයා ඉතා නිර්මාණශීලීව ඉරිපත් කර තිබේ. තමන් පෙම්වති වීම නිසා අහිමිව ගිය තම වර්ගය තමන් පෙම්වතියට පත් වීම නිසා අහිමිව ගිය විට අනන්‍යතා සාරයන් පිළිබඳ වික්ටර් සූරතිස්ස පසු තැවේ. 

"ආයෙමත්මට අර සුවද දැනෙනවා...රෙසි සෝඩා කලවම් වෙච්ච සුවද. ඒ සුවද මට හැමදාම දැනේවි. ඔව් ඉදිරියටත් මිය යන්න කලින් ගන්න අන්තිම හුස්මෙනුත් ඒ සුවද මට දැනේවි. "

මස්ඉඹුලගේ සෙංකොට්ටං නම් වූ නවකතාවේ පවතින  නිර්මාණාත්මක පෞරුෂයන් අතර මනා සංයමයකින් යුතුව රචනා කර ඇති කතාවේ නිරූපිත ජිවමාන චරිත ඔස්සේ සූක්ෂමව ජීවිතාවබෝධයක් ලබා දීමේ උත්සවයක් ලබා දීමෙන් සතුටට පත් වූ වස් උපමා සහිත ගැමි ජන බස්වහරක් භාවිත  කිරීම සුවිශේෂී වනු ඇත.



3 comments:

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...