Friday, November 25, 2022

හුදෙකලාව

 හුදෙකලාව ඇබ්බැහියක්.  කොටින්ම සික් එකක්. ඇබ්බැහි උනොත් මිදෙන්න බැරි මහා වේදනාවක්. පිටින් ලස්සනට පේන ඇතුලින් පපු කැවුතු පිච්චෙන මහා මූසල හැගීමක්. තනිකම සුන්දරයි. හුදෙකලාව සුන්දරයි. පාලුව සුන්දරයි. ඕවා ඔක්කොම බොරු බන්. හරියටම ඔය ටික අත්විදපු එකෙක් හුදෙකලාව සුන්දරයි කියන්නේම නෑ. හිතාගන්න පුලුවන් ද කාත් කවුරුවත් නැතුව හුදෙකලා වෙන එකේ වේදනාව....... හිතාගන්න පුලුවන් ද ලස්සන බැදීම් දිහා බල බල තනිවෙන එකේ වේදනාව.  මිනිස්සු ආසාවෙන් හුදෙකලාව බදාගත්තේ නෑ. හුගක් අයට එහෙම කරන්න වුනා. ආසාවෙන්  ලන් කරගත්ත උන්  පපුවෙ තියාගෙන ආදරේ කරපු උන් රිද්දපුවම මිනිස්සු හුදෙකලා උනා. මවපු හීන තිබුණ බලාපොරොත්තු ඇස් පනාපිට දිය උනාම කුඩු වෙලා ගියාම ආයේ හීන දකින්න බයටම මිනිස්සු තනි උනා. ලගින් හිටිය උන් වෙනස් උනාම උබව එපා කියල අත ඇරියම  හුගක් මිනිස්සු පාලුවට තමන්ගේ ජීවිතය ලියල දුන්නා. හුදෙකලාව ඇබ්බැහියක්. හරි වේදනා දෙන මාරාන්තික ඇබ්බැහියක්. තනි උන හිතක් පාලුවේ ඉන්න කෙනෙක් හුදෙකලාවට පෙම් බදින එකෙක් උන්ගේ ජීවිතේ තියෙන්නෙම හරි දුක හිතෙන අවසානයක් උරුම ලස්සනම ලස්සන කතාවක්.   

කවදාවත් හුදෙකලාවට පෙම් බදින එකෙක් වෙන්න එපා. ඔබේ පපුවට නොදෙන වේදනාවක්. රිදෙන රිදෙන ගානේ හිත හදපන්. ඒ තරමට ශක්තිමත් වියන්. බිදුනු වැටුණු තැනින් නැගිටපන්. හරි ලස්සනට ජීවිතේ හැඩ කරපන්. 

 ආයෙත් කියනවා 

 කවදාවත් උබ 

 හුදෙකලාවට පෙම් බදින 

  හදවතින් වේදනා විදින 

 එකෙක් වෙන්න එපා ....

 ඒක මාරාන්තික ඇබ්බැහියක් 




3 comments:

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...