Saturday, December 10, 2022

හිතුවක්කාර ධාවකයා

 වේග සීමා නොදත් හිතුවක්කාර ධාවකයෙකුට

වෙලඹකගෙ නාස් ලණුවක් හිමිවුනා_________________

සීමාව බිඳගෙන ගියොත් දඩවදින එක පාරක
ඉරි කපන් නිවනට දුර ගමනක් උන් ගියා_______________

අතරමග නැවතෙන හතිවැටෙන නැවතුම් ලඟ
හාදුවක් තව ගමනකට මුලපිරුවා___________________

මැදියමේ ඇරෙඹෙන මේ හැම ගමනක්ම
අලුයමේ ඉර එලිය ලඟටම ඉගිලුනා_________________


______________________

" රෑ මැද පටන්ගත්තු සමහර ගමන්
  අපි ඉවරකෙරුවෙ අලුයම ඉර එලිය ලඟින් "




No comments:

Post a Comment

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...