Tuesday, December 13, 2022

බඹර තුඩ

 මැදියම් රැයේ අවදිකල හැඟීම් රාශියක මත්බව


ලයපුරා,ගෙලපුරා හදිසියේ
එහෙ මෙහෙ දුවන්නට විය ඉස්පාසුවක් නැතුවම,,,

නින්දත් නොනින්දත් අතර තිබු දෙහිතක ආශාව

අලුයට සැඟව සිටි ගිනි පුපුරුමෙන්
අවදිවන්නට විය එකින් එක_______

කටරොලු මල් බිමේ රොන් සොයා ආ බඹර තුඩ

සිහින් කෙඳිරිලි සංගීතයෙන් කුල්මත්ව
තව තවත් ගැඹුරටම කිමිදෙන්න විය,,,

ඉවසීම අසලවත් නැති රංගනයන් බොහොමයක් කෙලවර

මැදියමේ අවදිකල හැඟීම් ලඟ
හිත් දෙකක් නිවන් ගොස් තිබුනිය______

______

“ මැදියමේ අවදිවෙන හැඟීමුත් ගිනි පුපුරු වගේ "



No comments:

Post a Comment

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...