Tuesday, December 13, 2022

ප්‍රේමයේදී මිනිස්සු හරි බොලඳයි කදුවගෙ සමහරු නාය යන්නෙ ඒකයි

 නෙතගින් වැටෙන කදුළු  කැට

දාස් ගානක් බරයි මේ   පපුවට
නොකියූවට රිදෙන හැටි  මට
දරාගන්නම බෑ රිදෙන එක නම්  තව.

නුඹ නොයෙන බව දැනුනා  මට
ඒත්
හිත පිළිගන්නෑ ඒ  වඟ
මටත් මහන්සි හොදටම  අද
හිත මග බලන් ඉන්න නිසා තව

ප්‍රේමය කියන්නෙ ලැබීමක්
අනෙක් අන්තයෙ නොලැබීමක්
ඇත්තටම කීවොත් ඒක අසීරුම විඳවීමක්
මිනිස්සු හොයන්නෙම විඳවීමෙන් සැනසීමක්..

ප්‍රේමයේදී මිනිස්සු හරි බොලඳයි
කදුවගෙ සමහරු නාය යන්නෙ ඒකයි


No comments:

Post a Comment

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...