Friday, December 9, 2022

ආදරණීය ප්‍රාර්ථනා

 පැණි දාපු පොරි එකකුත් අරගෙන මමත් ගියා හුගක් දවසකින් ෆිල්ම් එකක් බලන්න. පටන් ගන්න හුඟක් වෙලා තිබ්බ හින්දා selfie දෙක තුනකුත් ගහ ගත්තේ වෙන කවුරුත් හිටියේ නැති නිසා. ඒ ෆිල්ම් එක තමයි ආදරණීය ප්‍රාර්ථනා.

ආදරණීය පාර්ථනා යනු ශ්‍රී ලාංකේය ආදර සංගීතමය චිත්‍රපටයක් වන අතර වසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. ශ්‍රී ලාංකේය සිනමාවේ අවාසනාවට ද මන්දා චිත්‍රපටය නැරඹීමට හිටියේ අපි තුන්දෙනා පමණයි. නමුත් මෙම සිනමා නිර්මාණය මේ වන විට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සිටී. ගීතා අටකින් යුත් මෙම නිර්මාණය සංගීතමය සිනමා නිර්මාණයක් ලෙස හදුන්වන්නේ ධාවන කාලයෙන් විනාඩි හතලිහක් ම ගීත සඳහා වෙන්වී ඇති නිසාවෙනි. එක් ගීතයක් භාතිය සන්තුෂ්ගේ නිර්මාණයක් වන අතර අනිත් ගීත යසස් මැදගෙදරගේ නිර්මාණය වෙයි. රාහුල් වරවිටගේ, ශනුද්‍රි ප්‍රියසාද්, නෙත්මි රොශෙල් යන අය ප්‍රධාන චරිත නිරූපණය කිරීම මෙයට හේතුවන්නට ද ඇත. මෙහිදී රහල්ගේ හා ශනුද්‍රි ගේ රංගන කුසලතාවය ඉහළ බවක් නිරූපණය කරන නමුත් රොශෙල් යම්කිසි රාමුවකට කොට එහි කොටු වී රංගනය කිරීමට උත්සාහ කරයි.

මෙම සිනමා නිර්මාණය තුළ අවධානය යොමු කළ යුතු ම කරුණක් වන්නේ කැමරාරූප රාමු පිළිබඳව යි. සෑම අවස්ථාවක් පාහේ ම අති සමීප රූප රාමු භාවිත කලේ මන්ද යන්න ප්‍රහේලිකාවකි. එය ප්‍රේක්ෂක ඇසට ද ද වේදනාවකි. විශේෂයෙන්
"මල් සිත්තම් ගෙත්තම් පාන පාලා - ඉගි මායම් වෑයම් ලා"
ගීතය ඇත්තෙන් ම සෞන්දර්යාත්මක ය. නර්තනය මනහරය. නමුත් මෙවැනි නර්තනය රූපගත කිරීමේදී අති සමීප රූප රාමු නිර්මාණයට කරන ඇත්තේ හානියකි. එයින් නිර්මාණාත්මක ගුණය බිඳී ගොස් ඇත. මෙය මෙහි පමණක් නොව සෑම අවස්ථාවකදීම දක්නට ලැබෙයි. ඒ අනුව කැමරාකරණයේ දී මෙයිට වඩා සැලකිලිමත් වන්නට තිබුණා යැයි මට හැඟෙයි. අධ්‍යක්ෂකවරයාගේ සිනමාවට ඇති කුලුදුල් භාවයෙන් මෙයට හේතුවන්නට ඇත.
වර්තමානයේ බහුලව දක්නට ලැබෙන අවස්ථාවක් ප්‍රේක්ෂකයන් නොසිතූ ආකාරයේ අවසානයක් ලබා දීමට මෙහිදී නිර්මාණ කරුවා සමත් වී ඇත. එය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. මෙහි සෑම ගීතයක්ම ගීතයක් ම දැඩි සෞන්දර්යාත්මක වේ. කෙසේ වෙතත් සිනමාව වැළලී යන මෙවන් මොහොතක මෙම නිර්මාණය මේ අයුරින් ප්‍රේක්ෂකයන් වැළඳ ගැනීම සතුටට කරුණකි. 




4 comments:

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...