Friday, November 25, 2022

හැර ගිය උබට

  වෙන අතක් අල්ලගෙන

 වෙනදා වාගේම ඔයා යන හැටි දැක්කා 

 කවි දෙකක් සැන්ඩි කරගෙන 

 බොන්නමයි හිතෙන්නෙ වැටෙනකන් 

 ඉක්කා


   ඒ උනත් සල්ලි හදස්සියකට

 ඉස්සර ඉදපු ගොනා මං වික්කා 

 ලග හිටියා කියලම

 බල්ලෙක්ට වටිනවද මැක්කා



 


Thursday, November 24, 2022

අපස්මාරය (කුලප්පුව නෙමෙයි මේක වලිප්පුව )

  සතුටින් සැහැල්ලුවෙන් ඉන්න නව යොවුන් වියේදී ඔයාට අපස්මාරය වගේ ලෙඩක් හැදුනොත් ගොඩක් පීඩාකාරී වෙන්න පුලුවන්. අවශ්‍ය ප්‍රධානතම දැනට පවතින අපි ජීවත්වන සමාජයේ මේ වගේ ලෙඩ රෝග පිලිබදව මිත්‍රයා ආකල්ප. ඒ නිසාම මෙවැනි ලෙඩ රෝග සමාජයේ තවමත් හැංගෙන්න උත්සාහ කරනවා. දියුණු ලෝකෙක මෙවැනි රෝග ඇති අයගෙන් හංගන්න උත්සාහ කරන්න එපා. මීමැස්මොරය නමින් හැඳින්වෙන මේ රෝගය නිසි ප්‍රතිකාර ලබා ගැනීම තුලින් පාලනය කරගත හැක.

අපස්මාරය කියන්නේ මොකක්ද 

 මෙය මොලයේ හදිසියේ ඇති වන විද්‍යුත් ක්‍රියාකාරීත්වයකින් හැදෙන වලිප්පුවකි. මෙය මොලයේ සීමිත කොටසකින් හෝ සම්පුර්ණයෙන් ඇති වන තත්ත්වය. සාමාන්‍යයෙන් මේ රෝග තත්ත්වය පැය 24 අපි අපස්මාරය ලෙස හඳුන්වනවා. 

 අපස්මාරය හැදෙන්නේ ඇයි? 

 මේක හැදෙන හරිම හේතුව  තාම හොයගෙන තියෙනවා. නමුත් දැනට තිබෙන සමහරක් තියෙනවා.

උපතේදී මොලයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම, උපතේදී හෝ තරුණ වයසේදී ඇතිවන හදිසි අනතුරු, මෝලයේ අර්බුද පිළිකා ගෙඩි, ජානමය හේතූන්, රුධිර සෝඩියම් සහ සීනි ප්‍රමාණය වෙනස් වීම වැනි හේතු වේ.

අපස්මාරයේ රෝග ලක්ෂණ 

 මෙම රෝග තත්ත්වය ඇති වෙන කොට අත් පා දැඩි වීම, රිද්මානුකූලව ගැස්සීම, ඇස් ඉහලට රෝල් වීම, මළ මූත්‍රා නොදැන පිටවීම, උස් හඩක් පිට වීම විය හැක. 

 මෙම රෝගය සඳහා මේ වන විට සාර්ථක ප්‍රතිකාර ක්‍රම සහ බෙහෙත් නිශ්පාදනය කර ඇත. රෝගය සුව කිරීම අපහසු වුවද පාලනය කරගන්න පුලුවන්. 

 අපස්මාරය ඇති වීම වලක්වා ගන්නේ කෙසේද - මෙම රෝගය ඇති වීමට හේතුව හොයාගෙන නැති මුත් සමහර කාරනා වලින් රෝගය ඇති වීමට පෙළඹවීමක් තිබෙන බව සොයා ගෙන ඇත. එම කාරනා නම් අධික මත් පැන් පානය, නිදි වැරීම, අපස්මාර ප්‍රතිකාර බෙහෙත් වල ක්‍රියාකාරීත්වට බාධා ගෙන එන බෙහෙත් භාවිත කිරීම.

මෙම  කරුණු මගහරවා ගැනීමෙන් අපස්මාරය පාලනය කොට යහපත් ජීවතයක් ගත කිරීමට වටපිටාව සකස් කර ගන්න පුලුවන්. 

පැමිණිල්ල


රාත්‍රිය  උසාවිය 

වැනිය  හිත නඩු අහන

 සිහිනෙනුත් පෙම් බදින 

වැරදිකරු මම විය

 පැමිනිල්ල නුබ ගෙනා

දඩුවමට හිස නමන

 සමුගන්න මග අසා

 සිතුවිල්ල සිර කරන 

------ආයේ නොලියමි-------



 ඔබට ලැබෙන තුරු වියවුලෙන් 

මමයි දුක්බර කවිය ලීවේ 

මගෙ අත ඔබ ගන්නා තුරා 

වින්ද වේදනා කවිය වූයේ 

දිනක ඔබ මා පැමිණි දිනයේ 

හදේ වියවුල් වියකුණේ 

ඉදින් කෙලෙසද විරහ කවියෙන්

 යළිත් මා කවි ගොතන්නේ   

pc - පබසර ෆොන්සේකා 

ආගමික සන්නිවේදනයේ නිර්මාණාත්මක මුහුණුවර

 පැරණි  යුගයේ පටන් පැවති මානව සමයන්හි ප්‍රධාන සංස්කෘතික ඒකාධිකාරය ආගමයි. සොබාදහමේ සිදුවන සියල්ල ඇසට නොපෙනෙන ආකාස්මික බලවේගයක් විසින් සිදු කරනු ඇතැයි සිතූ ඔවුන්ගේ ක්‍රියාත්මකවීම් නිසා විවිධ පුද පූජා විධීන් සහ ඒ ආශ්‍රිතව ගොඩනැගුණු කලා නිර්මාණයන් විය. දෙවිවරුන් නිර්මාණය කිරීම , ඔවුනොවුන් ට ආවේණික හැඩරුව , පුදසිරිත්, සංස්කෘතික අනන්‍යතාවයන් නිර්මාණය කිරීමට පැරණි මානවයා උත්සාහ කරන ලදී.

ශිෂ්ටාචාරයන් වූ සමාජයේ යම් යම් සම්මත විධීන් උපයෝගි කරගෙන ලෝකයේ සත්‍ය හා සුබවාදී දිවි පෙවෙත් ගත කිරීමට ජනයා පොලොඹවන්නා වූ විවිධ ආගමික දර්ශන බිහිවන්නට විය. ලෝකයේ පලවෙනි නලුවා වූ තෙස්පීස් බිහිවීමේ කතාන්දරය ඒ සදහා උදාහරණ සපයයි. ග්‍රීක ශිෂ්ටාචාරයේ දියෝනිස් දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යයකදී මිදී යුෂ පානය කර මත් වූ ජනයා දේව වන්දනය කරමින් තම ප්‍රශ්න ඉදිරිපත් කරන්නට විය. ඒ අතරින් නැගී සිටි තෙස්පීස් 

"මමයි දැන් දියෝනිස් , උඹලගේ ප්‍රශ්න මට ඉදිරිපත් කරපල්ලා." යි කියමින් අල්තාරය උඩට නගින්නට විය. 

ඒ ආකාරයෙන් ආගමික භක්තිය ඉස්මතු කරවන නිර්මාණාත්මක සංසිධීන් මෙන්ම ආගමික ශාස්තුවරුන් තම ආගමික සංකල්පය ඉදිරිපත් කිරීමේදී යම් යම් නිර්මාණාත්මක අංග භාවිත කල බව පැහැදිලිව දැකිය හැකිය. 

අම්බපාලි

ආදරණීය වස්සානය 

අදත් වැහැපන් තදට 

හිතේ දුක හැදිලා යන්නට 

    ඒත් 

මුරුගසන් වරුසාවකට හැකිවේ ද 

ඇවිලෙන හිතක් නිවන්නට 

රිදෙන රිදෙන තරමට 

සොයා ගියේ නම් ප්‍රේමයක් 

අදත් මං අම්බපාලියක් 

 ගන්නකන් හැමදේම නුඹ දේව දාසියක්

අරන් උන් පිටවෙද්දී කෙල්ලේ උබ වේසියක් 

උඩ දාල බලන්නකෝ දෙපැත්තක කාසියක් 

හරියටම පෙරලුනොත් බැදැන්නෑ පාසියක් 

වැරදුනොත්  වහගන්න වැරැද්දෙන් දාරයක් 

ලාබ නෑ  යාලුවේ ආත්මයේ යාරයක් 

ඉල්ලුවට  කිය කියා ප්‍රේමයක නාමයක් 

රතු  පාට බිංදුවල කොහෙද බං ප්‍රේමයක් 

බොර පාට වතුර ටික ගලද්දී කානුවක 

 ඉකි ගගහා හැඩුවට මහ මුහුද හීනයක් 

කෙල්ලෙක්ගේ ජීවිතය රිවස් නැති යානයක් 


ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...