Wednesday, November 30, 2022

දැන්වත් තේරුම්ගන්න


 දැන්වත් තේරුම් ගන්න ආදරේට පැති දෙකක් ඇත එනම් විස්වාසය හා පසු තැවිල්ලයි . අපි හිතන කෙනාම අපි පතාගෙන ආවා කියලා අපිට එයාවම ලබාගන්න බෑ ඒකට හිතේ විශ්වාසට තියෙන්න ඕන දෙන්නට දෙන්න තේරුම් අරන් තියෙන්න ඕන ආදරේ කියන්නෙ අපි හිතන තරම් ම සුන්දර දෙයක් නෙවෙයි . සමහර අය අපේ ජීවිතේට ලංවෙන්නෙ අපි ලග සැප සම්පත් තියෙන කම් විතරයි .. කොටින්ම කිව්වොත් වාසියට පමනයි

ඉතින්
දැන්වත් තේරුම්ගන්න .
රකින්න බැරි හිතක් ලග ,
තව දුරටත් රැදෙන්න එපා .
අතෑරලා යන්න 

පලුද්ද

 ගෙව්නු කාලය සිතා  බැලුවොත්

බොහෝ  ඇත කැලඹුනු දවස්
මලක් මෙන් පිබිද  කලෙක ගල් වී
වරෙක ගග මෙන් ගැලුව මනසක්

හමුව , ප්‍රේමය බිදුනු හදවත
මොර දෙනා හඩ ඇසුනු සවනක්
රිදුන පෑරුණු ගැරහුම් ලැබූ යුරු
කලේ පිලිකුල් පෙම දුටුව නයනක්

දිනෙක දුක අත්විද අත්දැකපු මිනිසුන්
පෙරුම් නොපිරූ සසර පැතුමක් 
නැත පුදුමයක්,
කැමති,කව්රුද දකින්නට
පෙදෙසකින්,හදවතේ ලොකු පලුද්දක්

මතක


 උඹෙත් ජීවිතේ ලස්සනම කාලෙ

සමහර මතක එක්කම කදුළු වෙලා දියවෙනවද?
තේරුන් ගනින් අමාරුවෙන්හරි
ඕක තමයි බන් ජීවිතේ..
සමහරු අපේ ජීවිත වලට එනවා තමයි හැබැයි ඒ එන්නෙ,හැමදාටම ඉන්න නෙවෙයි වෙන්නත් පුළුවන්
විහිළුවට වගේ උඹට ළං වෙලා පාලු මකාගෙන,
මතක විතරක් ඉතුරු කරල
උබව දාලා යන උනුත් ඉන්නවා බන්..

අමතක කරන්න බැරි මතක ගොඩක්
ඉතුරුවෙනවා හදවතේ ගැඹුරුම තැනක.. ඇත්ත බන්..
ඒ පරණ මතක අපිව හුගක් රිද්දනවා....
එලිවෙනකන් නින්දක් නැතුව,
අපි ඒ මතක එක්ක හිනාවෙනවා
නොමැරි මැරි මැරි උනත් අපි ජීවත්වෙනවා..

මිනිස්සුන්ට ප්‍රේම කරපන්
ඒකට කමක් නෑ හැබැයි,
මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න යන්න එපා මොකද
ප්‍රේමය ප්‍රේමණිය උනාට ඇබ්බැහිය....
මා රා න් ති ක යී!😌💔
අපි හැමොටම ඉන්න ඔනී,අපිව අපිට
එපා උන දවසකත් කවදාවත්ම
අපිව වදයක් කරදරයක් විදියට නොහිතන මිනිස්සු කවදාවත්ම අපිව එපා නොවන මිනිස්සු!
අන්න එදාට පුලුවන් වෙයි ඇත්තටම ප්‍රේමය උනත් විදවන්නෙ නැතුව ඉන්න...🥺❤️‍🩹🥀

හැගුම්

 


හැගුම් එලිබැස්සත්🍃

එපා ඉඩදෙන්න දලු ලන්න🍂
අවසානයේ දුකකි🥹
ඔබට බැහැ උහුලන්න🥲
ඔබේ දිගු මතකයන්👁💆‍♀💆‍♂
එපා නටඹුන් වෙන්න🧟‍♂🧟
පාලු කතරක උනත්🌾🌼
තනි කමට හුරු වෙන්න☀️⭐️🌟

හිනාවෙන කදුලු

 කෑ ගහලා කියන්න ඕන උනත් ලෝකෙට හිත නිදහස් වෙන්න හැමදේම...

ලෝකෙට කියන්නෙ මොකටද තමන්ගෙ ප්‍රශ්න..
පිච්චි පිච්චි ජීවත් වෙනවට වඩා
හිනාවෙන්න හේතු එකතු කරද්දි
ලෝකයා කියන්නෙ පිස්සු කියලා,
හැසිරෙන්නෙ පොඩි උන් වගේ කියලා,
පරිණත වෙලා නෑ කියලා,
හදවතකට කිට්ටු වෙලා තේරුම් ගන්න පුලුවන් මිනිස්සු හරි අඩුයි..
කවුරු මොනවා කීවත් ප්‍රශ්න ඉවරයක් නැතුව, වේදනාවෙන් මිරිකිච්ච මිනිස්සු තමයි පිස්සො වගේ හැසිරෙන්නෙ..බොරු දේවල් වලටත් හිනාවෙන්නෙ,
උන්ට ඕන හිනාවෙන්න මිසක් සමාජෙට විහිලුවක් වෙන්න නෙවෙයි....

අවසානය කුමක් වුවත් ජීවිතය කියන්නේම දරාගැනීමක්..🥀💔

 


අවසානය කුමක් වුවත් ජීවිතය කියන්නේම දරාගැනීමක්..🥀💔


අපි කිසිම දෙයක අවසානයක් දන්නේ නෑ..හැමදේම හොදින් වෙයි කියලා හිතලා පටන් ගත්තත් සමහර විට එහි අවසානය සුන්දර නොවෙන්න පුළුවන්.. බැඳීමක් ඇති කරගන්න ලේසි වුනාට පවත්වගෙන යන එක හිතන තරම් ලේසි නෑ..සමහර අදහස් නොගැළපීම් වෙන්න පුළුවන්..සමහර විට අපි බලාපොරොත්තු වෙන විදියට එයා නොහිටින්න පුළුවන්.. මොන ප්‍රශ්න ආවත් සමහරු හරි ලස්සනට බැඳීම් ගලපගෙන ඉදිරියට යනවා..ඒක තමයි වෙන්න ඕන..

නමුත් අවාසනාවකට සමහර බැඳීම් වල අවසානය සුන්දර නොවෙන්න පුළුවන්..කිසිම බැඳීමක් බලෙන් පවත්වගෙන ඉදිරියට යන්න අමාරුයි.. සමහර විට අපි කොච්චර කැපකිරීම් කලත්,එයාට එහි අගයක් නැති වෙන්න පුළුවන්.. බැඳීම් දිගටම පවත්වගෙන යන්න අපිට කොතරම් උවමනාවක් තිබුනත්, එයාට උවමනාවක් නැත්නම් හොඳම දේ අමාරුවෙන් හරි එවැනි බැඳීම්වලින් නිදහස් වෙන්න එක..

ඇත්තටම බැඳිමක් අමතක කරන එක ලේසි දෙයක් නෙවෙයි..අපේ මුළු ජීවිතයම ඒ බැඳීම වෙන්න පුළුවන්..සමහරවිට ඒ බැඳීම නිසාම අපි ජීවත් වෙනවා වෙන්න පුළුවන්..ඒ බැඳීම නැතිව අපිට ජීවත් වෙන්න බැරි තරමටම අපි අසරණ වෙන්න පුළුවන්..

සමහර විට අපේ අවධානය වෙන දෙයකට යොමු කරන්න පුළුවන් වුනොත් අමාරුවෙන් හරි අපිට ටිකෙන් ටික ඒ බැඳීම් වලින් ඈත් වෙන්න පුළුවන්..අපේ ලගින්ම ගැහැණු හෝ පිරිමි හෝ වේවා හොඳ යාලුවෙක් හිටියොත් අපිට පුළුවන් ටිකෙන් ටික හිත හදා ගන්න.. කොච්චර වේදනාකාරී වුනත් ඒ අවස්ථාව අනුව ගන්න හොඳම තීරණය ඒක වෙන්න පුළුවන්..💔

කොච්චර හිත රිදුනත් හිත රිදුනේ නැති ගානට එයා ඉස්සරහා හිනා වෙලා ඉන්න තරම් හිත ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්න ඕන..🥀💔

අවසානය කුමක් වුවත් ජීවිතය කියන්නේම දරාගැනීමක්...🥀

ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න...

 ආදරෙයි නම් ඒ ඇස් හිනස්සවන්න... මොකද සමහර ඇස් හැමදාමත් කළේ කඳුළු වට්ටපු එක... ඉතින් ඒ ඇස් ආසයි කඳුළුම වැටෙනවාට වඩා දවසක් හරි හිනාවෙලා බ...